Department of Motor Traffic - WP

Tamil-Sri LankaEnglish (United Kingdom)
You are here:

දැක්ම

නවෝත්පාදනය භාවිතයෙන් ආදායම් බලපත්රක නිකුත් කිරීම සහ ගුණාත්මක ප්ර වාහන සේවයක් උදෙසා විධිවිධාන සැලැස්වීම.

 

මෙහෙවර

පළාතේ සියළුම මෝටර් රථ හිමියන් වෙත උසස්, ගුණාත්මක මගී හා භාණ්ඩ ප්ර වාහන සේවාවක් උදෙසා, විධිවිධාන සැලැස්වීම සහ කළමනාකරණය හා නව තාක්ෂණය භාවිතයෙන් ආදායම් බලපත්රර නිකුත් කිරීම.

 

කාර්යයන් හා රාජකාරි

ප්‍රධාන කාර්යයන් :

1)    බස්නාහිර පළාත තුල ලියාපදිංචි මෝටර් වාහන සදහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම.
2)    ප්‍රාදේශිය ලේකම් කාර්යාල සම්බන්ධීකරණය සහ සහාය සේවා සැපයීම.
3)    බලපත්‍ර නිකුත් කිරීම් වලට අදාළ තොරතුරු පවත්වා ගැනීම.
4)    බලපත්‍ර නිකුත් කිරී‍මේ රාඡකාරි සේවා කටයුතු වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීම.
5)    පළාත තුළ මගින් හා භාණ්ඩ ප්‍රවාහන සේවා විධිමත් කිරීම සම්බන්ධිත රාඡකාරි කටයුතු.
6)    දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධ සාමාන්‍ය පරිපාලනය, මූල්‍ය පාලනය හා ආයතනික සේවා පවත්වා ගැනීම.

මෝටර් ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ අනෙකුත් කර්යයන් :

1)    නීති ක්‍රියාත්මක කිරීම සහ ප්‍රඥප්තිය අනුව නීති සම්පාදනය කිරීම.
2)    ප්‍රඥප්තිය  යටතේ නියෝග සහ උපදෙස් නිකුත් කිරීම.
3)    කොළඹ නගර සීමාව තුළ මෝටර් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම.
4)    ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා මෝටර් වාහන ආදායම් බලපත්‍ර හා අනෙකුත් අවශ්‍ය ලේඛන සැපයීම.  
5)    බලපත්‍ර ආදායම එකතු කිරීම  සහ අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල රාජකාරි අධීක්ෂණය කිරීම.
6)    වෙළඳ වාහන සඳහා යෝග්‍යතා සහතික නිකුත් කිරීම සහ අවශ්‍ය උපදෙස් අනුව සුදුසුකම්ලත් ගරාජ ලියාපදිංචි කිරීම.
7)    මෝටර් කෝච් රථ සඳහා කොන්දොස්තර බලපත්‍ර නිකුත් කිරීම.
8)    මෝටර් ප්‍රවාහන ප්‍රඥප්තිය අනුව ආදායම එකතු කිරීම.
9)    මාර්ගස්ථ උපදෙස් කමිටුවේ යෝජනා ඉෂ්ට කිරීම සහ ක්‍රියාත්මක කීරීම.

 

කොමසාරිස්තුමාගේ පණිවුඩය

අපගේ සේවය අපේක්ෂා කරන සියල්ලන්ටම වඩාත් නිවැරදි,ඉක්මන් සහ තත්වයෙන් උසස් සේවාවක් සැපයීම අරමුණු කර ගත් මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් (බ.ප) කාර්යාලයෙන් තොරතුරු තවදුරටත් කියවන්න...