Department of Motor Traffic - WP

Tamil-Sri LankaEnglish (United Kingdom)
You are here:

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම

  1. වාහන ලියාපදිංචි සහතිකය නැති වූ විට?
    සහතික කරන ලද මෝ.වා.ප්‍ර 11 පෝරමය හා සී.එම්.ටී.-52 රිසිටි පතේ මුල් පිටපත,නාරාහේන්පිට  මෝටර් රථ ප්‍රවාහන   දෙපාර්තමේන්තුවෙන් රැගෙන ආ යුතුයි.

  2. වාහන ලියාපදිංචි සහතිකයේ වැදගත් දත්ත නැති වී ඇති විට?
    වාහන ලියාපදිංචි සහතිකය නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන   දෙපාර්තමේන්තුවෙන් නිවැරදි කරවා ගෙන හෝ අපගේ බලයලත් නිලධාරියෙක් ඇමතිය යුතුයි.

  3. පසු ගිය අවුරුද්දේ ආදායම් බලපත්‍ර‍ය නැති වී හෝ එහි ඡායා පිටපතක් රැගෙන ආ විට?
    බස්නාහිර පළාතේ අනෙකුත් බලපත්‍ර අධිකාරි හෝ වෙනත් පළාත් බලපත්‍ර අධිකාරි වලින් නිකුත් කර ඇති බලපත්‍රයක් සදහා පසුගිය බලපත්‍ර දත්ත සහතික කර ගැනීම හෝ නොබැදිපත එම කාර්යාල වලින් රැගෙන ආ යුතුයි.  අප කාර්යාලයෙන් නිකුත් කර ඇති බලපත්‍රයක් සදහා අපගේ බලයලත් නිලධාරියකුගෙන් අනුමැතියක් ගත යුතුයි.

  4. අත්‍යාවශ්‍ය ලියකියවිලි (රක්ෂණ සහතිකය/දුම් සහතිකය/යෝග්‍යතා සහතිකය හෝ මාර්ස්ථ මගී අවසර පත්‍රය) කල් ඉකුත් වී හෝ නැති වී ඇති විට?
    කරුණාකර බලයලත් නිලධාරියෙක් ඇමතිය යුතුයි.

අන්තර් ජාලයෙන් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම
  1. පසුගිය ආදායම් බලපත්‍රයේ අංකය වැරදි විට?
    බලයලත් නිලධාරියෙක්ට දුරකථනයෙන් ඇමතිය යුතුයි.

  2. ඔබගේ ලිපිනය වැරදි විට?
    ආදායම් බලපත්‍රයට  අයදුම් කරන්න එපා.

නිදහස්  බලපත්‍ර නිකුත් කිරීම

  1. අත්‍යාවශ්‍ය ලියකියවිලි (රක්ෂණ සහතිකය/දුම් සහතිකය හෝ යෝග්‍යතා සහතිකය) කල් ඉකුත් වී හෝ නැති වී ඇති විට?
    කරුණාකර බලයලත් නිලධාරියෙක් ඇමතිය යුතුයි.

පාවිච්චි නොකිරීමේ සහතික නිකුත් කිරීම
  1. වලංගු ආදායම් බලපත්‍රය කල් ඉකුත් වී ඇති විට?
    දින හතක් ඇතුලත කොමසාරිස්තුමාගෙන් නියෝගයක් ගත යුතුයි.
 

කොමසාරිස්තුමාගේ පණිවුඩය

අපගේ සේවය අපේක්ෂා කරන සියල්ලන්ටම වඩාත් නිවැරදි,ඉක්මන් සහ තත්වයෙන් උසස් සේවාවක් සැපයීම අරමුණු කර ගත් මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් (බ.ප) කාර්යාලයෙන් තොරතුරු තවදුරටත් කියවන්න...