පරිගණක අංශය

දුරකථනය: 011-2432505

ප්‍රධාන කාර්යය:

  • වාහන බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධ තොරතුරු පරිගණක පද්ධතියට ඇතුළත් කිරීම හා සංශෝධනය කිරීම

  • වාහන අසාධුගත කිරීම හා අසාධුගත කිරීම ඉවත් කිරීම

  • වාහන බලපත්‍ර නිකුත් කිරීමේදී ඇතිවන වැරදි නිවැරදි කිරීම

  • දෛනිකව නිකුත් කරනු ලබන වාහන ආදායම් බලපත්‍ර වාර්තා ලබා ගැනීම

  • භාවිතා නොකරන වාහන සඳහා පද්ධතිය සැකසීම

  • ලියාපදිංචි නොකර තාවකාලිකව මෙරට භාවිතා කරන වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ තොරතුරු පරිගණක පද්ධතියට ඇතුළත් කිරීම

  • පරිශීලක නාම හා මුරපද සැකසීම හා අවලංගු කිරීම

  • පරිගණක පද්ධතියේ බිඳවැටීම් සම්බන්ධ අවශ්‍ය කටයුතු සිදු කිරීම

  • වෙබ් ආදායම් බලපත්‍ර වාර්තා හා බැංකු ගිණුම් සංසන්දනය කිරීම

  • වෙබ් ආදායම් බලපත්‍ර තැපැල් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම

  • හැරෙන තැපෑලෙන් ලැබෙන වෙබ් ආදායම් බලපත්‍ර ‍කාර්යාලයට පැමිණෙන අයදුම්කරුවන්ට ලබාදීමට කටයුතු කිරීම