ආදායම් බලපත්‍ර යක් ලබා ගැනීම සදහා අවශ්‍යය ලේඛන.

1)    වාහන ලියාපදිංචි ලේඛනය හෝ පරම අයිතිය ඇති මූල්‍ය ආයතනය විසින් සහතික කරන ලද ලියාපදිංචි ලේඛණයේ පිටපත
2)    පෙර වර්ෂයේ ආදායම් බලපත්‍රය.
3)    වලංගු රක්ෂණ සහතික.
4)    වලංගු දුම් පරීක්ෂණ සහතිකය
5)    වෙළද වාහන සදහා යෝග්‍යතා සහතික.

වෙළද වාහන

මෝටර් ලොරි
ප්‍රයිවට් කෝච්
ඔමිනි බස්
මෝටර් ට්‍රයිසිකල් වෑන්
ගිලන් රථ
අවමංගල රථ

5)    ඔමිනි බස්රථ සදහා මගී සේවා අවසර පත්‍රය
6)    වලංගු වායු පරීක්ෂණ සහතික.

දඩ මුදල්

1)    බලපත්‍ර ගාස්තු, ගෙවීමට නියමිත දිනය යන්නෙන් මෝටර් වාහනයක් සඳහා බලපත්‍රයක් අවශ්‍ය වන්නේ යම් වර්ෂයක් සඳහා ද එකී වර්ෂය තත් වාහනය මුල් වරට ලියාපදිංචි කර ඇත්තේ යම් දවසකද  එකී මාසයේ එකී දිනයේ සිට ආරම්භ වන අතර  ( මෙහි මින් මතු බලපත්‍ර ගාස්තු, ගෙවීමට නියමිත දිනය වශයෙන් සදහන් කරනු ලබන) එකී මාසයේ එකී දිනයේ සිට වැඩ කරන දින තුනක් වන අතර නියමිත දිනය ඉක්මවා මාස 6ක් නොඉක්මවා ඇත් වි‍ටෙක ගාස්තුවෙන් 10%
2)    අළුතින්ම ලියාපදිංචි කරන වාහනයක් සදහා ලියාපදිංචි දින සිට දින 7 ඇතුලත බලපත්‍ර   ලබා ගත යුතු අතර එම නියමිත දිනය ඉක්මවු විට ගාස්තුවෙන් 10%
3)    බලපත්‍ර ගාස්තු, ගෙවීමට නියමිත දිනය මාස 6 ඉක්මවා  ඇතත් මාස 12ක් නොඉක්මවා ඇති අවස්ථවක වාර්ෂික ගාස්තුවෙන් 20%
4)    බලපත්‍ර ගාස්තු, ගෙවීමට නියමිත දිනය පසු වී මාස 12 ක් ඉක්මවා ඇති අවස්ථාවක වාර්ෂික ගාස්තුවෙන් 30%

වාහනයේ වාර්ෂික වලංගු ආදායම් බලපත්‍රය අස්ථානගත වූ විට නැවත බලපත්‍රයක් නිකුත් කිරීම

වාහනයේ ලියාපදිංචි හිමිකරු නැවත වාහන ආදායම් බලපත්‍රය ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නේ නම්:

  • වාහනයේ ලියාපදිංචි සහතිකය හා එහි ඡායා පිටපත් දෙකකක්
  • වාහනයේ හිමිකරුගේ ජාතික ජාතික හැඳුනුම්පත හෝ පිළිගත හැකි හැඳුනුම්පතක ඡායා පිටපත් දෙකකක්
  • පොලිස් පැමිණිල්ලේ මුල් පිටපත හා ඡායා පිටපතක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට හෝ මාළිගාවත්තේ පිහිටි බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමෙන්තුවේ ප්‍රධාන කාර්යාලයට ඉහත ලේඛන ඉදිරිපත් කළ යුතුය. ලේඛන ඉදිරිපත් කරන දිනයේ සිට වාහනයේ ඊළග බලපත්‍ර දිනය දක්වා කාලයට ගෙවීම් කළ පසු නැවත ආදායම් බලපත්‍රය ලබා ගත හැකිය.

වාහනයේ පැවරුම්ලාභියා නැවත බලපත්‍රය ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නේ නම්:

  • වාහනයේ ලියාපදිංචි සහතිකය හා එහි ඡායා පිටපත් දෙකකක්
  • වාහනයේ හිමිකරුගේ ජාතික ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපත් දෙකකක්
  • පොලිස් පැමිණිල්ලේ මුල් පිටපත හා ඡායා පිටපතක්
  • වාහනයේ පැවරුම්ලාභියාගේ ජාතික ජාතික හැඳුනුම්පත හා එහි ඡායා පිටපත් දෙකකක්
  • නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුවට භාරදුන් විට ලබා දෙන CMT 52 ආකෘති පත්‍රය හා පිටපත් දෙකක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට හෝ මාළිගාවත්තේ පිහිටි බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමෙන්තුවේ ප්‍රධාන කාර්යාලයට ඉහත ලේඛන ඉදිරිපත් කළ යුතුය. ලේඛන ඉදිරිපත් කරන දිනයේ සිට වාහනයේ ඊළග බලපත්‍ර දිනය දක්වා කාලයට ගෙවීම් කළ පසු නැවත ආදායම් බලපත්‍රය ලබා ගත හැකිය.