හිඟ ආදායම් අංශය

දුරකථනය: 011-2441466

ප්‍රධාන කාර්යය:

  • හිඟ ආදායම අයකර ගැනීම

හිඟ ආදායම් බලපත්‍ර ගාස්තු ගෙවීමේදී ඉදිරිපත් කළ යුතු ලියකියවිලි :

වාහන හිමිකරු නම් ;

  1. වාහනයේ ලියාපදිංචි සහතිකය හා ජායා පිටපත් දෙකක්
  2. වාහනය හිමිකරුගේ හැඳුනුම්පත හා එහි ජායා පිටපත
  3. වාහනය හිමිකරුගේ ඉල්ලීම් ලිපිය

වාහනය පවරා ගැනීමට අපේක්ෂිත අයෙකු නම් ;

  1. වාහනයේ ලියාපදිංචි සහතිකය හා ජායා පිටපත් 03 ක්
  2. වාහනය හිමිකරුගේ හැඳුනුම්පත් පිටපත
  3. වාහනය පැවරුම්ලාභියගේ හැඳුනුම්පත හා එහි ජායා පිටපත
  4. පැවරුම් ලේඛන ( නිසි පරිදි සම්පූර්ණ කරන ලද MTA6 පෝරමය) හා එහි පිටපත
  5. වාහනය හිමිකරු බලය පැවරූ ලිපිය

මුල් ලියාපදිංචි දින සිටම ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන සඳහා ;

* ඉහත සඳහන් ලේඛන වලට අමතරව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ලිපිය