බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ https://www.motortraffic.wp.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් බස්නාහිර පළාතේ ලියාපදිංචි වී ඇති වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර අන්තර්ජාලය හරහා ලබාගත හැකිය.

අන්තර්ජාලය හරහා ලබාදෙන තාවකාලික වාහන බලපත්‍ර මාස දෙකක් වලංගු වේ.

වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අවශ්‍යය වන වායු විමෝචන සහතිකයේ වලංගු කාලය දින 90ක් දක්වා දීර්ඝ කෙරේ .

දෙවසරකට වැඩි කාලයක් වාහන අදායම් බලපත්‍ර ලබා ගෙන නොමැති නම් මාර්ගගත ක්‍රමයට (ONLINE)  අයදුම් නොකරන්න.

ත්‍රී-රෝද රථ, බයිසිකල් හා ඉඩම් වාහනවලට ප්‍රවර්තන වර් ෂය ඇතුළුව වසර 5ක් දක්වා වාහන ආදායම් බලපත්‍රය ලබා ගෙන නොමැති නම්, බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් බලපත්‍රය ලබා ගන්න.

අනෙකුත් වාහනවලට ප්‍රවර්තන වර් ෂය ඇතුළුව වසර 3ක් දක්වා වාහන ආදායම් බලපත්‍රය ලබා ගෙන නොමැති නම් බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් බලපත්‍රය ලබා ගන්න

ඔබගේ ආදායම් බලපත්‍රය මෙතනින් ලබා ගන්න

මාර් ග ගතව බලපත්‍ර අයදුම් කරන පද්ධතියේ දෝෂ හේතුවෙන් ඔබට ලගම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර් යාලයෙන් බලපත්‍ර ලබා ගැනීම වඩාත් සුදුසු බව දන්වා සිටිමි.

දැක්ම

නවෝත්පාදනය භාවිතයෙන් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සහ ගුණාත්මක ප්‍රවාහන සේවයක් උදෙසා විධිවිධාන සැලැස්වීම.

මෙහෙවර

පළාතේ සියළුම මෝටර් රථ හිමියන් වෙත උසස්, ගුණාත්මක මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවාවක් උදෙසා, විධිවිධාන සැලැස්වීම සහ කළමනාකරණය හා නව තාක්ෂණය භාවිතයෙන් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම.