බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ https://www.motortraffic.wp.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් බස්නාහිර පළාතේ ලියාපදිංචි වී ඇති වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර අන්තර්ජාලය හරහා ලබාගත හැකිය.
අන්තර්ජාලය හරහා ලබාදෙන තාවකාලික වාහන බලපත්‍ර මාස 2ක් වලංගු වේ.
අංක 2306/02 හා 2022 නොවැම්බර් 14 දිනැති ගැසට් නිවේදනය පරිදි ආදායම් බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ.