කොන්දොස්තර බලපත්‍ර

බස්නාහිර පළාතේ සියළුම පුද්ගලික බස් රථ වල කොන්දොස්තරවරු සදහා නිකුත් කරයි.
බලපත්‍ර අධිකාරිය පළාත් මෝටර් රථ දෙපාර්තමෙන්තුව,බස්නාහිර පළාත
කොන්දොස්තරවරයකු සදහා බලපත්‍ර ගාස්තුව රු:500.00

සුදුසුකම්
  1. වයස අවුරුදු 18 සපිරුණු කෙනෙකු විම
  2. 8 වන පන්තිය සමත් හෝ ඊට ඉහල අධ්‍යාපනය(මාධ්‍ය – සිංහල, ඉංග්‍රීසි හෝ දෙමළ)
  3. හොද චරිතයක් ඇත්තෙකු වීම
  4. හොද සෞඛ්‍ය තත්වයක් ඇත්තෙකු වීම.
අවශ්‍යය ලේඛන
  1. උප්පැන්න සහතිකය. (මුල් පිටපත හා ඡායා පිටපත)
  2. ඉහළම අධ්‍යාපන සුදුසුකම් (මුල් පිටපත හා ඡායා පිටපත)
  3. චරිත සහතික 2ක්, (ඉන් එකක් අදාළ ප්‍රදේශයේ ග්‍රාම සේවකගෙන් ලබා ගත යුතුය.)
  4. 2”, 2 ½” ප්‍රමාණයේ ඡායාරූප 2ක්.(චරිත සහතික සහ ඡායාරූප ඉල්ලුම් කරන දිනට මාස 6කට පෙර ගත යුතුයි.)