ගරාජ ලියාපදිංචි කිරීම

මහජන සේවාවන් සදහා යොදනු ලබන (බස්රථ සහ ලොරි ආදී) වෙළද වාහන වෙනුවෙන් යෝග්‍යතා සහතික නිකුත් කිරීම පිණිස බස්නාහර පළාත තුළ පිහිටි පහත සුදුසුකම් ඇති පිළිගත් මෝටර් ගරාජයන් ලියාපදිංචි කිරීම සදහා අයදුම්පත් කැදවනු ලැබේ. අයදුම්කරැවන සමාගම් රෙජිස්ටාර් වරයා වෙත තමන්ගේ ව්‍යාපාර ලියාපදිංචි කර තිබිය යුතු අතර ව්‍යාපාර පිරිවටුම් බදු ගෙවන්නන් විය යුතුය.
ශ්‍රේණියේ මෝටර් ගරාජයන් සදහා ඉල්ලුම්කරුවන් වෙත තිබිය යුතු සුදුසුකම්:
  1. අඩි 20ක් දිග අඩි 2 ½ ක් පලල අඩි 4 ½ ක් ගැඹුරැති වලක් හෝ වාහන පරීක්ෂා කිරීමට ඒ හ සමාන පහසුකම් සැපයෙන පරීක්ෂණ වේදිකාවක් හෝ ඔසවනයක්.
  2. ටැප්ලි මීටරයක් හෝ රෝලර් බ්රරේක්ටෙස්ටරයක්
  3. ප්‍රධාන ලාම්පු පරීක්ෂා කරීමට උපකරණයක් ‍හෝ සුදුසු ස්ථානයක් සමග බෝඩ් 1ක්
  4. පරීක්ෂණ ලාම්පුවක්
  5. පරීක්ෂණ කටයුතු සදහා යතුරු කට්ටලයක් (සම්මත ප්‍රමාණ වලට අනුව සෑම ප්‍රමාණයකම යතුරු සහිතව)
  6. එලයිමන්ට් ගේජ් එකක්
  7. විදුලි හා ගෑස් වෑල්ඩිං උපකරණ
සහතික කිරීමේ නිළධාරී සහ කාර්යය මණ්ඩලය:
  1. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවෙන්, තාක්ෂණය පිළිබද ජාතික ඩිප්ලෝමා සහතිකය හෝ කණිෂ්ඨ කාර්මික නිළධාරී සහතිකය ලබා තිබීම
    හෝ
  2. ඉහත 1හි සදහන් පාඨමාලා වලට සමාන ලන්ඩන් සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ආයතනය මගින් ප්‍රධානය කරන මෝටර් යාන්ත්‍රික විද්‍යාව පිළිබද සම්පූර්ණ තාක්ෂණීක සහතිකය ලබා තිබීම. සහ පිළිගත් මෝටර් ගාජයකින් යටතේ පිරිසයෙන් අවුරුදු 2ක කාර්මික පළපුරුද්දක් තිබීම. (මෝටර් වාහන ඉංජිනේරු විද්‍යාව පිළිබද විදේශ පුහුණුව ලබා ඇති අය සහ මෝටර් කාර්මික විද්‍යාව පිළිබද ජර්මන් කාර්මික විද්‍යාල සහතිකය ලබා රජයේ පිළිගත් අ‍ායතනයක මෝටර් කාර්මික විද්‍යාව පිළිබදව වසර 15ට වැඩි පළපුරුද්දක් ඇති අය ඔවුන්ගේ සුදුසුකම් අනුව ඉහත කී අවශ්‍යතාවයන්ගෙන් නිදහස් කිරීම පිළිබදව සලකා බලනු ලැබේ.)
  3. සහතික කිරීමේ නිළධාරී සතුව බර වාහන පැදවීම සදහා වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
  4. සහතික නරන නිළධාරියා ගරාජයේ ස්ථිර සේවකයකු විය යුතුය.
  5. ගරාජය භාරව අඩුම වශයෙන් එක් කළමණාකරුවකු සමග අවශ්‍ය කාර්යය මණ්ඩලයක් සිටිය යුතුය.
බීශ්‍රේණියේ මෝටර් ගරාජයන් සදහා තිබිය යුතු සුදුසුකම්:
  1. අඩි 20ක් දිග අඩි 2 ½ ක් පලල අඩි 4 ½ ක් ගැඹුරැති වලක් හෝ වාහන පරීක්ෂා කිරීමට ඒ හ සමාන පහසුකම් සැපයෙන පරීක්ෂණ වේදිකාවක් හෝ ඔසවනයක්.
  2. ටැප්ලි තිරිංග පරීක්ෂා කරීමට උපකරණයක්.
  3. ප්‍රධාන ලාම්පු පරීක්ෂා කරීමට උපකරණයක් ‍හෝ සුදුසු ස්ථානයක් සමග බෝඩ් 1ක්
  4. පරීක්ෂණ ලාම්පුවක්
  5. පරීක්ෂණ කටයුතු සදහා යතුරු කට්ටලයක් (සම්මත ප්‍රමාණ වලට අනුව සෑම ප්‍රමාණයකම යතුරු සහිතව)
සහතික කිරීමේ නිළධාරී සහ කාර්යය මණ්ඩලය:
  1. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවෙන්, තාක්ෂණය පිළිබද ජාතික ඩිප්ලෝමා සහතිකය හෝ කණිෂ්ඨ කාර්මික නිළධාරී සහතිකය ලබා තිබීම
    හෝ
  2. ඉහත 1හි සදහන් පාඨමාලා වලට සමාන ලන්ඩන් සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ආයතනය මගින් ප්‍රධානය කරන මෝටර් යාන්ත්‍රික විද්‍යාව පිළිබද සම්පූර්ණ තාක්ෂණීක සහතිකය ලබා තිබීම. සහ පිළිගත් මෝටර් ගාජයකින් යටතේ පිරිසයෙන් අවුරුදු 2ක කාර්මික පළපුරුද්දක් තිබීම. (මෝටර් වාහන ඉංජිනේරු විද්‍යාව පිළිබද විදේශ පුහුණුව ලබා ඇති අය සහ මෝටර් කාර්මික විද්‍යාව පිළිබද ජර්මන් කාර්මික විද්‍යාල සහතිකය ලබා රජයේ පිළිගත් අ‍ායතනයක මෝටර් කාර්මික විද්‍යාව පිළිබදව වසර 15ට වැඩි පළපුරුද්දක් ඇති අය ඔවුන්ගේ සුදුසුකම් අනුව ඉහත කී අවශ්‍යතාවයන්ගෙන් නිදහස් කිරීම පිළිබදව සලකා බලනු ලැබේ.)
  3. සහතික කිරීමේ නිළධාරී සතුව බර වාහන පැදවීම සදහා වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
පහත සදහන් ලියවිලි අයදුම්පත සමග ඉදිරිපත් කළ යුතුයි.
  1. ගරාජයේ නියම පිහිටීම සහ නගර මධ්‍යයෙහි සිට එයට ලගාවීමට හැකි මාර්ගය දැක්වෙන දළ සටහනක්.
  2. යෝජිත සහතික කිරීමේ නිලධාරීන්ගේ සුදුසුකම් සහ ඔවුන්ගේ සහතික වල ජායා පිටපතක්.
  3. රියදුරු බලපත්‍රයේ ජායා පිටපතක්.
  4. ආපසු නොගෙවන තැන්පතු මුදලක් ලෙස රු. 250ක් වටිනා චෙක් පතක් (මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් නමින් ලියන ලද) හෝ මෙම කාර්යාලයට මුදල් ගෙවා ලබා ගන්නා ලද රිසිට් පතක්.
දැනටමත් ලියාපදිංචි වී ඇති ගරාඡයනහි පිහිටීම හා පරීක්ෂ නිලධාරී වෙනස් නොවන්නේ නම් ඉහත 1 හා 2 ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.
  1. යෝග්‍යතා සහතික නිකුත් කිරීම සදහා ගරාජයක් ලියාපදිංචි කිරීමේ අයදුම්පතක් සඳහා ගාස්තුව රු.2000/=
  2. යෝග්‍යතා සහතික නිකුත් කිරීම සදහා ගරාජයක් ලියාපදිංචි කිරී‍ම සඳහා ගාස්තුව රු. 15,000/=
  3. මෝටර් වාහනයක් පරීක්ෂා කිරීම සදහා ගාස්තුව රු:1000/=
යෝග්‍යතා සහතික පොත් කට්ටලයක් නිකුත් කිරීම සදහා ගාස්තුව රු:5000/=